( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය.
බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණ.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වන කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙති මහතා ඇතුළු එහි සාමාජික මන්ත‍්‍රීවරුන් 26 දෙනා , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, විගණකාධිපති, නීතිපති ඇතුළු 32 දෙනාට පෙත්සම සම්බන්ධ නොතීසි ලැබී නොමැති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දැනුම් දීම නිසා එය සැප්තැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් වෙත නොතීසී යවන ලෙසද අධිකරණය මෙහිදී පෙත්සම්කරුගේ නීතීඥවරයාට දැනුම් දෙන ලදී.
එම කොප් වාර්තාවේ යම් යම් සොයා ගැනීම් හා අවසන් නිර්දේශයන් නොගැලපීම් , පරස්පරවිරෝධී හා පක්ෂග‍්‍රාහී ඒවා යැයි සිය පෙත්සමින් පෙන්වා දෙන තීනියාවල පාලිත හිමියන් එමඟින් තමන්ගේත්, මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප‍්‍රකාශ කරන්නැයිද සිය පෙත්සමින් ඉල්ලා සිටී.

