කෝප් වාර්තාව ගැන ප්‍රකාශ 23 වනතුරු තහනම්


ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) ඉදිරිපත් කරන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීම හා ප්‍රකාශ කිරීම ජූලි 23 දක්වා තහනම් කරමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා  අද (16) නියෝගයක් නිකුත් කළේය.

අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව ඊට අනුබද්ධ සියලුම ආයතන වාර්තාද ඉබේම අහෝසි වන්නේය.