කෝන්වැව- කරුවලගස්වැව මාර්ගය යටවෙයි



 
ජයරත්න වික්‍රමාරච්චි
 
පවතින අධික වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව කෝන් වැව ජලාශය අද (25) අලුයම සිට වාන් දැමීම හේතුවෙන් කෝන්වැව- කරුවලගස්වැව මාර්ගය ස්ථාන තුනකින් ජලයෙන් යටවී ඇත. 

මේ නිසා එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලවී ඇත. මෙම ජලාශය යටතේ අක්කර දෙසීයක පමණ වගා නොකළ කුඹුරු යායද එම ජලයෙන් යටවී තිබේ.