කෝටියකට අධික මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට


 (බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාස නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන ඇත.
 
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් කුලියට ගෙන මත්කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී මෙම හෙරොයින් තොගය සහ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙහිද අත් අඩංගුවට ගත සැකකරුවන්  පානදුර ,බණ්ඩාරගම සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පදිංචි මෙහි ප්‍රධාන සැකකරුගෙ බිරිඳ මේ වන විටත් මත්කුඩු සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බවද හෙළිවී ඇත.