කෝටියක ‘අයිස්‘ සමඟ දෙදෙනකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටියකට අධික වටිනා  අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පමුණුගම පුබුදුගම ප‍්‍රදේශයේ දී කදාන පොලිස් කණ්ඩායමක් විසින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත

 සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක ප‍්‍රමාණයක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මට්ටක්කුලිය පදිංචි  වයස අවුරුදු 28 සහ 31 යන වයස්වල  පසුවන්නෝ වෙති.