කෝටියක රන් බිස්කට් මෝදරින් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝවක් සමඟ ව්‍යාපාරිකයකු මෝදර රජමල්වත්ත ප්‍රදේශයේ නිවසකදී අද අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
 
මෝදර පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.


 අත්අඩංගුවට ගත් සැකකරු සිංගප්පූරුවෙන් හා ඉන්දියාවෙන් නිමි ඇඳුම් ආනයනය කරන ව්‍යාපාරයක නිරත වන බවත්, නිමි ඇඳුම් ගෙනෙන මුවාවෙන් රන් බිස්කට් ගෙන ආවාදැයි සැක කරන බවත් පොලිසිය පවසයි.