(ඉන්දිකා රාමනායක)
තීරු බදු නොගෙවා මෙරටට රැගෙනවිත් තිබු රුපියල් කෝටියකට අධික වටිනා විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක් සමග මීගමුවේ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අද(02) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යබළකාය කියයි.
මීගමුව සිරකඳවුර පාරේ නිවසක තිබී ඊයේ (1) රාත්‍රි මෙම භාණ්ඩ සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ස්ථානයේ මත්පැන් බෝතල් 45ක් සහ දුම්වැටි1,25000 ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව දළුපොත 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු සහ භාණ්ඩ මීගමුව පොලිසිය වෙත භාරදී ඇත.

