
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් කෝටියකට අධික මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව පාදුක්ක පොලිසිය කියයි.
මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 110 ක් , මෝටර් රථයක් , ත්‍රීරෝද රථ දෙකක් , බැංකු ගිණුම් පොත් 4 ක් , විද්‍යුත් තරාදියක් සහ මත්කුඩු එතීමට ගන්නා කඩදාසි පොලිස් බාරයට ගෙන ඇත.



