කෝටියක මත්කුඩු සමග පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ)

ඩුබායි සිට කටුනායකට ගුවනින් රැගෙන එනු ලැබු  රුපියල් කෝටියක් පමණ  වටිනා බ්‍රව්‍රන් ෂුගර් වර්ගයට  අයත් හෙරොයින්  මත්කුඩු කිලෝ 01ක් සමග  පකිස්තාන ජාතිකයෙකු  අද(14) රේගු මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරු 36 වැනි වියෙහි  පසු වන්නෙකි. 
එමිරේට්ස් ගුවන් සේවයට  අයත්  ඊ .කේ.650   දරණ ගුවන් යානයෙන්  සැකකාර පකිස්තානු ජාතිකයා ඩුබායි සිට  පැමිණ ඇත. 
කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ  නිලධාරින් වෙත ලද බුද්ධි තොරතුරු මත  සැකකරු අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි  ඔහු පැළඳ සිටි පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස හෙරොයින් සගවා තිබියදි සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා කීය.