(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති බව කියන හෙරෝයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.
මංගලඑළිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි එම තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්කුඩු තොගය නීති විරෝධි ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් බහුදින ධිවර යාත‍්‍රාවකින් ගෙන්වා ඇතැයි ද වෙනත් ප‍්‍රදේශයකට ගෙන යනතෙක් මෙම නිවසෙහි සඟවා තිබෙන්නට ඇතැයිද තොරතුරු ලැබි ඇති බව පොලිසිය කියයි.

