(ටී.කේ.ජී.කපිල
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි .
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් 1,50,75,000 වටිනා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 ක් බර කොකේන් තොගයක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දීය ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වමින් සිටිති.