(ටී.කේ.ජී.කපිල )
කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම කසිප්පු වැටලීම ඉකුත් සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී කසිප්පු තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව කටුනායක පොලීසිය කියයි.
මෙම නීතිවිරෝධී කසිප්පු ස්කාගාරය හීනටියන මෝළ ඇල ආශ්‍රිතව වගුරු බිම් සහිත දූපතක පවත්වා ගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ගෝඩා මිලි ලීටර් එක් කෝටි අනූ හය ලක්ෂ අසූ හත් දහස් පන්සියයක් ( 196,87,500 ) , නීතිවිරෝධී ලෙස පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 472,500 ක් අඩංගු බෝතල් 630 ක් , යකඩ බැරල් 100 ක් , තඹ දගර 20 ක් , 45 ප්ලාස්ටික් කෑන් 50 ක් , වියළි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් සහ එම අවස්ථාවේ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ද සමගින් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබුණි .
ගෑස් හිගයට විසඳුමක් ලෙස කසිප්පු පෙරීම සදහා කජු ලෙලි භාවිතා කර තිබීම විශේෂත්වයක් බව කටුනායක පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
ෙමෙම කජු ලෙලි කිලෝ ග්‍රෑම් 50 ක ඇසුරුමක් ඔවුන් රුපියල් 300 ක මිළකට මිළදී ගෙන තිබූ අතර , එවැනි කජු ලෙලි ඇසුරුම් 50 ක් පමණ පොලිස් බාරයට ගෙන තිබේ.
හීනටියන මෝළ ඇළ තරණය කරමින් කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිස වගුරු බිම් සහිත බිම ඔස්සේ මහත් පරිශ්‍රමයක් දරා මෙම වැටලීම සිදු කර තිබූ අතර මෙම දූපත තුළ කාණු කපා ඒවා තුළ ගෝඩා සහ පෙරන ලද කසිප්පු ගබඩා කර තිබී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .