
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කරඩිපනේ දෙලුම් වගාබිමක විදුලි පද්ධතිය සවිකර ඇති මඩුවේ, පොල්ලෙලි අතර සැගවීමට උත්සහ දරමින් සිටි අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 433 ක් සහ මිලි ග්‍රෑම් 330 ක්,සැක කරුවන් තිදෙනෙකු ද සමගින්, අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
මෙම අයිස් මත් ද්‍රව්‍ය සමග හදුනා නොගත් රසායනිකයක් අඩංගු බෝතලයක් සහ ජංගම දුරකථන දෙකක් ද අත් අඩංගුවට ගෙන ඇත. මෙම රසායනික ද්‍රව්‍ය අයිස් කැටි ගැසීම වැලැක්වීමට භාවිතා කරන්නක් බවට වැටලීම් සිදු කළ නිළධාරීන් සැක කරයි.
ප්‍රධාන සැකකරු ශෝත්තුපිටිය වාඩිය පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.දෙලුම්වගාවේ හිමිකරු වන්නේ ද ඔහු ය. යාබද ඉඩමේ හිමිකරු වූ කප්පල් අඩිය තලවිල පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු ද,මෙම ඉඩමේ කම්කරුවකු වූ තිහලිය ඒත්තාල පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන ඇත.

