ගිය වසරේදී ලොව ඉහළම වැටුප් ලබා ඇත්තේ සිංගප්පුරුව, හොංකොං, කෙන්යා, ඇමෙරිකාව, ප‍්‍රංශය, කැනඩාව, අයර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය හා ජපානයේ රාජ්‍ය නායකයන් දස දෙනා බව ඉන්වෙස්ටෝපීඩියා.කොම් වෙබ් අඩවිය කියයි.
ඔවුන්ගේ වසරක වැටුප මෙසේය.
| සිංගප්පුරු අගමැති ලී හියන් ලූන් |
ඇ.ඩො.2183516 |
රුපියල් විසිතුන් කෝටි අසූ ලක්ෂය ඉක්මවයි |
| හොංකොහි ප‍්‍රධාන විධායක ඩොනල්ඞ් සෑං |
ඇ.ඩො.513245 |
රුපියල් පන් කෝටි පනස් නව ලක්ෂය ඉක්මවයි |
| කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා |
ඇ.ඩො. 427886 |
රුපියල් හාර කෝටි හැට හය ලක්ෂය ඉක්මවයි |
| ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා |
ඇ.ඩො. 40000 |
රුපියල් හාර කෝටි තිස් හය ලක්ෂයකි |
| ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි |
ඇ.ඩො. 302435 |
රුපියල් තුන් කෝටි විසි නව ලක්ෂය ඉක්මවයි |
| කැනඩා අගමැති ස්ටීවන් හාර්පර් |
ඇ.ඩො. 296400 |
රුපියල් තුන් කෝටි විසි තුන් ලක්ෂය ඉක්මවයි |
| අයර්ලන්ත ජනාධිපති මේරි මැක් ඇලීස් |
ඇ.ඩො. 287900 |
රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි |
| ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ් |
ඇ.ඩො. 286752 |
රුපියල් තුන් කෝටි දොළොස් ලක්ෂය ඉක්මවයි |
| ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් |
ඇ.ඩො. 283608 |
රුපියල් තුන් කෝටි හැට ලක්ෂය ඉක්මවයි |
| ජපාන අගමැති යොෂිහිතෝ නෝඩා |
ඇ.ඩො. 273676 |
රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂය ඉක්මවයි |
එම රාජ්‍ය නායකයන් අයත් රටවල සාමාන්‍ය වැසියකුගේ වැටුප හා ඔවුන්ගේ වැටුප් අතර පරතරය මෙසේය.
| රයිලා ඩවින්ගා ලබනුයේ එරට සාමාන්‍ය වැසියකු ලබන වැටුප මෙන් 255 ගුණයකට වැඩි වැටුපකි. |
| ලී හියං ලූන් |
තිස් අට ගුණයකින් වැඩිය. |
| ඩොනල්ඞ් සෑං |
එකොළොස් ගුණයකට වැඩිය |
| නිකලස් සාර්කෝසි |
නව ගුණයකට ආසන්නය. |
| බරක් ඔබාමා |
අට ගුණයකට වැඩිය. |
| යොෂිහිකෝ නෝඩා |
අට ගුණයකට වැඩිය. |
| ඇන්ජෙලා මාර්කෙල් |
අට ගුණයකට ආසන්නය. |
| ස්ටීවන් හාර්පර් |
හත් ගුණයකට වැඩිය. |
| මේරි මැක් ඇලීස් |
හත් ගුණයකට වැඩිය. |
| ජුලියා ගිලාඞ් |
හත් ගුණයකට වැඩිය. |
මේ වැටුප්වලට අමතරව නිල නිවාස, නොමිලයේ ගමන් බිමන්, සෞඛ්‍ය සේවා හා වෙනත් වරප‍්‍රසාද රැසක්ද ලැබේ.
එම රටවල් දහය පිරිසුදු යැයි ලකුණු දහයක් ද දුෂිත යැයි බිංදුවක් ද වශයෙන් ලකුණු දෙතොත් එම දර්ශකය මෙසේය.
| රයිලා ඔඩින්ගා |
කෙන්යාව |
2.1 |
| නිකලස් සාර්කෝසි |
ප‍්‍රංශය |
6.8 |
| බරක් ඔබාමා |
ඇමෙරිකාව |
7.1 |
| යොෂිහිතෝ නෝඩා |
ජපානය |
7.8 |
| ඇන්ජෙලා මාර්කෙල් |
ජර්මනිය |
7.9 |
| මේරි මැක් ඇලීස් |
අයර්ලන්තය |
8 |
| ඩොනල්ඞ් සෑං |
හොංකොං |
8.4 |
| ජුලියා ගිලාඞ් |
ඕස්ටේ‍්‍රලියාව |
8.7 |
| ස්ටීවන් ගාර්පර් |
කැනඩා |
8.9 |
| ලී හියැං ලූන් |
සිංගප්පුරුව |
9.3 |
මේ රටවල් අතරින් කෙන්යාව, හොංකොං හා සිංගප්පුරුව පුර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යලෙස නොසලකන බව ලන්ඩනයේ එකොනොමියට් සඟරාවේ බුද්ධි තොරතුරු ඒකකය කියයි.
සිංගප්පුරුවේ සාමාන්‍ය වැසියකු උපයන වැටුපෙන් 38 ගුණයක වැටුපක් එරට ඇමැතිට ලැබුණත් එහි දුෂණය ඉතාම අඩු බවත් පුර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතත් ආයෝජනයට සුදුසු බවත් එම වෙබ් අඩවිය කියයි.
අනෙක් අතට කෙන්යාවේ ඔඩින්ගා එරට සාමාන්‍ය වැසියකු මෙන් 255 ගුණයක වැටුපක් ලැබුවත් එරට දුෂණය ඉහවහා ගොස් ඇත.