
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට පැමිණි ගුවන් මගීන් හත් දෙනෙකුගේ ගමන්මළුවල සඟවා රැගෙන යෑමට සූදානම් වූ රුපියල් කෝටි 6 කට අධික (මිලියන 65) විදේශ මුදල් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අද (24) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ගුවන් තොටුපලේ පිටත් වීමේ පර්යන්තය හරහා එම ගුවන් මගීන් හත් දෙනා පිටවීමට උත්සහ කරද්දී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් කළ පරීක්ෂාවේදී ඔවුන්ගේ ගමන් මළු තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් සොයා ගත් බවත් එම මුදල් තොගයට ඇමෙරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් ඇතුළත් වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය ක්‍රියාත්මක කරයිි.

