කෝටි හතරක රන් කල්පිටියෙන් අල්ලයි


සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක
 
මුහුදු  යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි හතරකට වැඩි වටිනා රත්රන් කිලෝ ග්‍රෑම් 5.7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය කිඹුල්බොක්ක මුහුදේදී  අද  (24) සවස   අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
 

කල්පිටිය නාවික හමුදා කඳවුරේ නාවික යාත්‍රාවක නාවික නිලධාරින් පිරිසක් අදාළ මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස සැරිසැරූ යාත්‍රාවක් සොදිසි කළ අවස්ථාවේදී එහි සඟවා තිබූ මෙම රත්රන් තොගය සොයාගැනුණ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
 
මෙම රත්රන් කුමන රටක සිට ගෙනාවේදැයි මෙතෙක් තොරතුරු අණාවරණය වී නැති අතර ඒ පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට  සැකකරුවන් පොලීසියට බාර දීමට කටයුතු කරන බව නාවික හමුදාව පවසයි.