කෝටි හතරක දුම්වැටි සමඟ දෙකක් මාට්ටු


( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

තීරු බදු නොගෙවා හොර රහසේ දිවයිනට ගෙන්වා  ඇති රුපියල් කෝටි හතරක පමණ වටිනාකම ඇති විදේශීය දුම් වැටි තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන මීගමුව පොලිසියට භාර දී  ඇතැයි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය   සඳහන් කරයි .

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම දුම් වැටි තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .

විදේශීය සුවිශේෂී වෙළෙඳ නාමයකින් යුත්දුම් වැටි තොගය ට දුම් වැටි ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් බව පොලිසිය සඳහන් කරයි .

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නාත්තන්ඩිය හා කොච්චිකඩේ පදිංචි කරුවන් බව හෙළි වී ඇත. දුම් වැටි ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත