කෝටි දෙකේ කොල්ලයට 5ක් සැකපිට - කෝටි එකහමාරකුත් සොයාගනී


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල පහළ හාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරියකු ද වන බව පොලිසිය කියයි.