කෝටි දෙකක් වංචාකළ ගණකාධිකාරීවරියක අත්අඩංගුවට



 
ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකාරියක කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
 
එම ගණකාධිකාරියගේ ගුවන් ගමන් තහනම් කර තිබිය දී අප්‍රේල් 18 වැනි දා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළටට පැමිණි අවස්ථාවේ  ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇතත්   ඇය ඉන් මිදී  පළා ගොස් ඇතැයි පොලිස් ආරංචි පවසයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතන කුලුනු වාර්තා ඔස්සේ කළ විමර්ශනයෙන් පසු ඇය කෑගල්ලේ සිටින බව තහවුරු කරගෙන ඒ ඔස්සේ ගොස් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකාරිය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.