කෝටි දෙකක මත් පෙති සමග තිදෙනෙක් දැලේ


රවීන්ද්‍ර නෙත්තසිංහ
නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් මත්පෙති 70,000 සමග තිදෙනකු වාරියපොළදී අද අලුයම (10) අත්අඩංගුවට ගත් බව වාරියපොළ  පොලිසිය කියයි. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.  මාරවිල ප්‍රදේශයේ සිට කුරුණෑගලට ගෙන ආ මෙම මත්පෙති තොගයට සඳහා මුදල් ලබාගැනීමට වාරියපොළට පැමිණි අවස්ථාවේ නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරක් මත සැකකරුවන් සහ මත්පෙති අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත වාරියපොළ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.