කෝටි දෙකක කේරල ගංජා වැලිසරදී අල්ලයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 200 කට ආසන්න තොගයක් වැලිසරදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම තොගය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි දී මෙම වැටලීම් කළ බවත් ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් දෙදෙනකු  ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මන්නාරම සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මාළු පෙට්ටි අතර කේරල ගංජා සඟවා ප්‍රවාහනය කරන බවට පොලිසියට ලැබුණු තොරතුරුක් අනුව මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.