සුජිත් හේවාජුලිගේ
රුපියල් කෝටි දෙකක අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභහපතිවරයා අත්අඩංගුවට ගැනීම සාර්ථකව කළ අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් හත් දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දෙන ත්‍යාග මුදලට අමතරව කොමිසමෙන්ද යම් ත්‍යාග මුදලක් පිරිනැමීමට තීරණය කර ඇත.
මේ වැටලීම් සම්බන්ධයෙන් කොමිසමේ ප්‍රධානීන් එම කොමිසමේදී අද (04) පැවැත්වු සාකච්ඡාවේදී මේ තීරණය ගෙන ඇත.
මෙවැනි විශේෂිත ගණයේ වැටලීම් කරන නිලධාරීන්ට අල්ලස් කොමිසමෙන් ද යම් දිරිගැන්වීමක් කිරීම වැදගත් බව කොමිසමේ නිලධාරීන් පිරිසක් මෙහිදී පෙන්වා දී ඇත.
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසුවේ මේ සම්බන්ධයෙන් අදාළ අංශවලින් නිර්දේශ ඉදිරිපත් කෙරුණු පසුව තමා ඒ නිලධාරීන් දිරිගැන්වීමට පියවර ගන්නා බවයි.