කෝටි දෙක හමාරක මත් කුඩු සමග තරුණයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 2 1/2 අධික වටිනා අයිස් සහ හෑෂ් නැමැති මත් ද්‍රව්‍ය සමග කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු 23හැවිරිදි වියේ පසුවන තරුණයකු බව ද බවද පොලිසිය කියයි.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4 .5 ක් තිබු බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන සැකකරන රුපියල් ලක්ෂ 2 1/2 ද ඔහු සන්තකයේ තිබී ඇත.