තුසිත කුමාර ද සිල්වා
බේරුවල පත්තකඩය ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් තොගයක් පැහැරගත් සැකකරුවන් හය දෙනෙකු හා මැණික් තොගයෙන් කොටසක් දින 29කට පසු අද (04) අත් අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු ගිනි අවියක් පෙන්වා බේරුවල මස්සල ප්‍රදේශයේ දී මැණික් තොගය පැහැර ගෙන ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු හා රුපියල් කෝටි තුනක් වටිනා මැණික් තොගය , මැණික් පැහැර ගැනීමට පැමිණි යතුරුපැදිය , මැණික් තොගය අලෙවි කිරීමට යොදා ගෙන තිබූ මෝටර් රථය සහ සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන හතරක් අත් අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
මැණික් කොල්ලකෑමට යොදා ගත් යතුරුපැදිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබියදීත් , මැණික් අලෙවියට යොදා ගත් කාර් රථය කුඩාඔය ප්‍රදේශයේ තිබියදීත් අත් අඩංගුවට ගත් බවත් අදාළ සැකකරුවන් මැණික් තොගය ඇඹිලිපිටිය , මහනුවර , මාතලේ, රත්නපුර, කිරිඇල්ල, ඇළහැර ආදී ප්‍රදේශවලට අලෙවි කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය කීය.