(ප්‍රසාද් මුතුකුඩ)
නීතිවිරෝධි ලෙස ගුවන් මගියකු උපයෝගි කරගනිමින් ඩුබායි සිට රැගෙන එන ලද රුපියල් තුන් කෝටි ලක්ෂ විස්සක් වටිනා රන් ආභරණ කිලෝ 5.07 ග්‍රෑම් සමඟ පුද්ගලයෙකු (34) කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබිණි.
චොකලට් අසුරා තිබු අත් බෑගයක් තුළ ඉතා සුක්ෂම ලෙස රන් අභරණ සඟවා තිබු බව රේගුව පවසයි.



