(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලන්ගම පැලවත්ත ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටි තුනකට අධික වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් සොරා ගත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සොරාගත් භාණ්ඩ සගවා තබා ගැනීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
ඉකුත් 8 වැනිදා මෙම සොරකම සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග විදේශීය මුදල් නෝට්ටු, රන්භාණ්ඩ ,ජංගම දුරකථන මෙන්ම හොරයින් මත් කුඩු ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් ද පොලිස් බාරයට ගෙන ඇත
සැකකරුවන් කිරුලපන නාරාහේන්පිට පදිංචිකරුවන් ය.

