
(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග මෙම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු ද , අද(19 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා , ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ , භාණ්ඩ තොගයක් මෙසේ ගුවන් තොටුපොළ පොලිසියේ බාරයට ගෙන තිබිණි.
මෙම පුද්ගලයන් දිනපතාම ගුවන් මගින් ඩුබායි ඇතුළු වෙනත් රටවලට ගොස් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන්නන් බව පොලිසිය සිය මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය කර ගෙන තිබේ .

