කෝටි එකහමාරේ මැණික් කොල්ලයේ මහමොලකරු ඇතුළු 5 ක් අල්ලති


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 

ගල්කිස්සේ කෝටි එකහමාරේ මැණික් කොල්ලයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු පානදුර සාගර මාවතේ ලැගුම්හළක් තුළ  කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු යොදා ගෙන අයිස් මත්ද්‍රව්‍ය  පැකට් කරමින් සිටියදී   අද (13) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත්  සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය, හෙරෙයින් මත්කුඩු ,කේරල ගංජා, මාවා සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදි දෙකක් ද  පොලිසිය බාරයට ගෙන ඇත.