(උපාලි ආනන්ද)
අනුරාධපුර නගරයේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැර ගැනීම සහ ඒවා සන්තකය් තබා ගත් බවට රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින කෝටිපති ව්‍යපාරිකයා ලබන 29වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද(15) නියෝග කළේය.
සැකකරුගේ ඇප ඉල්ලුම ප‍්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.
නොචිචියාගම ප‍්‍ර‍්‍රදේශයේ ව්‍යපාරිකයකු වන සමන් කන්ඩමිබි නමැත්තා එසේ යළි රිමාන්ඩ් කෙරිණි.
අනුරාධපුර නගරයේ පිහිටි මූල්‍ය ආයතනයක් කොල්ලකා පැහැර ගත් බවට සැක කෙරෙන රත‍්‍රන් කිලෝ 11 ක් ද මෙම සැකකාර ව්‍යාපාරිකයා සතුව ඇති බවට රහස් පොලිසිය සැක කරයි. අනුරාධපුර නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනය කොල්ලකා රුපියල් කෝටි හතක් පමණ වටිනා රණ් භාන්ඩ පැහැර ගනු ලැබුවේ මීට වසරකට පමණ පෙරය.

