(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නීති විරෝධී වත්කම් හා දේපළ සම්බන්ධ සැකකරුවන් 21 අත්අඩංගුවට ගෙන ඇති බවත් , එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය 1,100 ක් කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අන්තර් අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ ක්‍රියා කිරිමට අමතරව නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව හෙතෙම කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

