
(තුසිත කුමාර ද සිල්වා)
දුර්ලභ තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්‍රෑම් තිහක් සමඟ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත බේරුවලපොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගත් බව කියයි.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි පණහක් පමණවන බව පොලීසිය කියයි. සැකකරු 43 හැවිරිදි ධීවර වෘත්තීයේ නියුතු විවාහක පුද්ගලයකි.
මෙම සැකකරු ධිවර වරාය පරිශ්‍රයෙන් මුහුදු ගොස් පැමිණි ධීවරයෙකි. ඔහුගේ නිවසේ මෙම අම්බර තොගය සඟවා තිබියදී පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ

