(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු රන් බිස්කට් නීති විරෝධීව මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැසන ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත .
ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ව්‍යාපාරික පිරිසක් සමග මොහු ගුවන්තොටුපලින් පිටව ගොස් නැවතත් රේගු පරිශ්‍රයට ඇතුල්වි සිටියදී රේගු අධිකාරි ආර්. එස්. කේ. සෙනෙවිරත්න මහතාට ලද සැකය මත ඉන්දියානු ජාතිකයාගේ කලිසම් සාක්කු පරික්ෂා කිරීමේදී එහි තුළ කැරට් 24 ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් සොයා ගත් බව රේගුව කියයි. ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබූ බව රේගුව කියයි.
ඉදිරි පරික්ෂණ කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිදුකෙරේ.