(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 45 පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සෙබලුන් දෙදෙනා දින 7 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අවසර දුන්නාය.
මෙලෙස රඳවාගැනීමේ නියෝග ලබා ගනු ලැබුවේ මරදාන කඳවුරේ රාජකාරි කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙර හමුදා සේවයෙන් පැන ගිය ලාන්ස් කෝප්රල්වරයකු වන අහංගම, වෑකඩ ,මිදිගම,ගහලියගොඩ පදිංචි ජයසේන විතානගේ ප්‍රදීප් ඩිල්ශාන් ජයසේන හා අත්තිඩිය යුද හමුදා කඳවුරට අනියුක්තව හමුදා රියැදුරෙකු ලෙස සේවය කළ 43 හැවිරිදි පුද්ගලයෙකි.
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන ඩුබායි රටේ සැඟව සිටිනා මිදිගම නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන මත්කුඩු තොගය සැකකරුවන් දෙදෙනා ප්‍රවාහනය කර ඇත්තේ ඉමදුව සිට බව පොලිස් මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.

