කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි  අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ  ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින්  මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට  හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

මත්කුඩු කිලෝ 42 කට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි,නයින් එම් එම් ගිනි අවි, ටී 56 උණ්ඩ සහ මැගසින් ඒ අතර වන බව පොලිසිය කියයි.

මෙම ගිනි අවි  සහ මත්කුඩු  අංගොඩ ලොක්කාට අයත් ඒවා බව පොලිසිය කියයි.