කෝටි 200 ක අකුණු සන්නායකය කොල්ලකෑ සැකකරුවන් 24 තෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

නාරාහේන්පිට පවිත්‍රතා ඩිපෝවේ සවිකර තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් අකුණු සන්නායකය කොල්ලකෑ බව කියන යුද හමුදා සාමාජිකයන් දෙදෙනා සහ ව්‍යාපාරිකයින් සිව් දෙනා ඇතුළු සැකකරුවන් නව දෙනකු ලබන 24 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද(20) නියෝග කළේය.

සැකකරුවන් නව දෙනාගෙන් අට දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 24 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.