කෝටි 2 ක මත්ද්‍රව්‍ය කටුනායකින් අල්ලයි


(කටුනායක ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් යන රසායන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන , භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 21 හැවිරිදි නයිජීරියානු ජාතික තරුණියක් 1/21 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ තරුණයන් හදුන්වන්නේ " අයිස් " යන අන්වර්ථ නාමයෙන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම නයිජීරියානු තරුණිය 1/27 දින දහවල් 1.40 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 348 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය රැගෙන ආ ගමන් බෑගයේ කිලෝ ග්රෑම් 2 යි ග්රෑම් 028 ක් බර මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මේ වනවිට මෙම තරුණිය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .