
(යොහාන් භාසුර)
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක තොගයක් රැගත් ලොරි රථයක් නොරොච්චෝලේ ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය නොරොච්චෝලේ ප්‍රදේශය ආශ්‍රිතව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය අසල නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂාවට කළ බවත් එම ලොරි රථය තුළ සූක්ෂම ලෙස පාර්සල් 63 ක අසුරා තිබූ මෙම බීඩි කොළ තොගය සහ ලොරි රථය භාරයට ගත් බවත් නාවික හමුදාව කීය.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

