(ගයාන් සූරිය ආරච්චි)
පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 18කට ආසන්න දේපොළ ලබාගෙන මුදල් ලබා නොදී වංචා කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සහ නානාට්ටන් ප්‍රදේශවල පදිංචි 47 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශය IV ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

																	
																	
																	
																	
																	
																	