(මනෝප්‍රිය ගුණසේකර)
සේරුවාවිල ප‍්‍රදේශයේ ලී මෝලක සඟවා තිබියදී රුපියල් කෝටි 13ක් වටිනා හෙරොයින් කිලෝ 10කට ආසන්න ප‍්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරියකුට ලැබුණු තොරතුරුකට අනුව කොළඹින් සේරුවාවිල ගිය නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.
හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තු ඉතිහාසයේදී අත්අඩංගුවට ගන්නා ලද වැඩිම හෙරොයින් තොගය මෙය වන අතර ඉතා සුක්‍ෂම අයුරින් පාර්සල් 22ක් තුළ බහා ලී මෝලක් තුළ සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇති බව වාර්තා වේ.
විදේශ රටක සිට මෙරටට ගෙන්වූ හෙරොයින් තොගයක් කෙළඹට ගෙන යන තෙක් සේරුවාවිල ප‍්‍රදේශයේ ලී මෝලක සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.