බිඟුන් මේනක ගමගේ
2017 වසරට අදාළ 7 ශේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් (කෘත්‍රිම) කඩදාසියේ මුද්‍රණය කරමින් රුපියල් ලක්ෂ 1290 කට අධික අලාභයක් කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.
භූගෝල විද්‍යාව පෙළපොත රුපියල් 25,804,050.00 ක මුදලකට සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී කෘත්‍රිම කඩදාසියේ එය මුද්‍රණය කිරීමට රුපියල් 154,743,750.00 ක මුදලක් වැය කර ඇතැයි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවන්නේ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව මෙම මුදල කෘත්‍රිම කඩදාසියේ පොත් මුද්‍රණය කිරීම වෙනුවෙන් රජයට දැරීමට සිදුවන අතිරේක පිරිවැයක් හෝ අලාභයක් ලෙස නිරීක්ෂණය වන්නේ යැයි එම වාර්තාවේ සඳහන් යැයි පවසන ස්ටාලින් මහතා ටෙන්ඩර් පටිපාටි නොතකා විධිමත් ඇගයීමකින් තොරව ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වයටද පීඩාකාරී වන ලෙස මෙම පොත මුද්‍රණය කර ඇතැයි එහි සඳහන් වන්නේ යැයි ද අවධාරණය කරයි.
විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් ආකාරයට රජයට කර ඇති විශාල අලාභය සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ වහා ක්‍රියාත්ම කරන ලෙසත් ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.