කෝටි 114 ක වියදමින් ත්‍රෛභාෂා පාසලක් මීරිගමදී


(රංජන් කස්තුරි)

රුපියල් කෝටි 114 ක වියදමකින් නව ත්‍රෛභාෂා පාසලක් ඉදිකිරීම සඳහා අනිද්දා (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම දී මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්වේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත අක්කර 12 ක භූමිභාගයක එම ත්‍රෛභාෂා පාසල ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාට ගෞරවයක් ලෙස ඒ මහතාගේ නමින් එනම් ‘‘දොන් ස්ටීවන් විද්‍යාලය‘‘ නමින් එම විද්‍යාලය නම් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.