කෝටි 100ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර


(නිමන්ති රණසිංහ)
 
 කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හොරායින් මත්ද්‍රව්‍ය සමඟ කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයකදි  අත්අඩංගුවට ගත්  පුද්ගලයින් පස් දෙනා ලබන 29 වැනිදා තෙක්  රඳවා ප්‍රශ්න කිරීම සඳහා  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23)   අවසර ලබා දුන්නේය.


 පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ ( 22) මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.


 එහිදී   කිලෝ 95 කට ආසන්න  හෙරොයින් ප්‍රමාණයක් ඔවුන් සතුව තිබී සොයාගැනිණි.


ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්  සහ විදේශිකයෝ  තිදෙනෙක්  මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.