කෝට්ටේ පුරපතිට ඇප : පරිගණක ක්‍රියාකරුට වරෙන්තු


කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පරිගණක දත්ත නීති විරෝධී ලෙස ලබා ගත්තැයි අධි චෝදනා ලැබ සිටින කෝට්ටේ නගරාධිපති ජනක රණවක ඇප මත මුදා හරින ලෙස නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා එහි පරිගණක ක්‍රියාකාරු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළේය.

රුපියල් 25000ක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්   නගරාධිපතිට නියම විය.

පරිගණක ක්‍රියාකරු ලසන්ත රොෂාන් අධිකරණය පැමිණ සිටියේ නැත.