සුජිත් හේවාජුලිගේ
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටුවා වසර 36ක් ගත වී ඇතත් තවමත් ඒ ඉඩම සඳහා ඔප්පුවක් නැතැයි හෙළිවී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නව පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1982 අප්‍රේල් 29 වැනි දායි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 254 ක වියදමින් ඉදිකෙරුණු පාර්ලිමේන්තු සංකීර්ණයට යටවී ඇති භූමි ප්‍රමාණය අක්කර 12ක් පමණ වෙතැයි ඉඩම් අමාත්‍යාංශය පවසයි.