කෝට්ටේ උද්ඝෝෂණයට හැබෑ අලි නෑ


එක්සත් ජාතික පක්ෂයේ  ගොඩ නැගෙමින් පවතින සමගිය කඩාකප්පල් කිරීමේ අරමුණින්  කෝට්ටේ නගරයේදී  සිකුරාදා (11) පැවැත්වීමට යන උද්ඝෝෂණයට  පාක්ෂිකයින් කිසිවකුත් සහභාගී  වන්නේ නැතැයි එක්සත්ජාතික පක්ෂ මහලේකම්  තිස්ස අත්තනායක මහතා පවසයි.

පක්ෂයෙන් නෙරපා දැමුණු කිහිප දෙනකු රජයේ අවශ්‍යතාවය මත එක්තරා ආයතනය මුල්‍යම අනුග්‍රහය යටතේ පැවැත්වීමට යන මේ විරෝධතාවට සහභාගී වීමට කිසිදු  පාක්ෂිකයෙකුට අවසර නොලැබෙන බවද මහලේකම් කියයි.