සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන දෙපිරිසක් අතර කෝට්ටේ රාජගිරිය පොල්වත්තේ ඇතිවූ ගැටුමකින් පසු සන්ධාන ආධාරකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තම නිවසේ තාප්පය කැඩූ බවට එජාප ආධාරකරුවකු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවත් එජාප අපේක්ෂිකාවක් හා ඇයගේ පිරිස පැමිණ තම නිවසේ බඩු බාහිරාදියට අලාභ හානි කළ බවට සන්ධාන ආධාරකරුවකුද පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි කියති.

