අම්බලන්තොට එක්කස්සියේදී යතුරු පැදියක් පොලිස් ජීප් රියක හැපීමෙන් යතුරුපැදියක ගිය අඹුසැමි යුවලක් මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
නෑ ගෙදරකට මහ රෑ හොරු පැන ඇතැයි ලැබුනු ආරංචියක් අනුව අද අළුයම එහි ගොස් ආපසු ගෙදර එද්දී මෙම යතුරුපැදිය පොලිස් රථයේ පිටුපසින් හැපී ඇති බව කියති.
හමුදාවේ හිටපු සෙබළකු වන රෝහණ කුමාර සහ ඔහුගේ බිරිය වසන්ති නිලවීර මේ අනතුරෙන් මරුමුවට පත්වූහ. ඔවුන දරු තිදෙනෙක් වෙති. වැඩිමලාගේ වයස අවුරුදු 14කි. බාලයාගේ වයස අවුරුදු 03කි
දෙදෙනෙක් පහේ ශිෂ්‍යත්වය සමත්ව අධ්‍යාපනය ලබති.

