කොළොන්නාවේ කුණු කන්ද උසාවියට පෙන්වයි


කොළොන්නාව ප‍්‍රදේශයේ අක්කර 18 ක ගොඩ ගසා ඇති කුණු කන්ද ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ගොනු කරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර දුන්නේය.

ඒ අනුව ලබන ඔක්තෝබර් 29 වැනිදා සිට පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න මහත්ම මහත්මීන් ගෙන් යුතු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සම් විභාගයට අවසර ලබා ගැනිණි.