කොළොන්නාව සභාපතිට ඇප


කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට ගිනි අවියකින් පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.

සභාපති  ගිනි අවියකින් පහර දුන් බවට පැමිණිලි කරුගේ ප්‍රකාශය හැරෙන්නට වෙනත් සාක්කි නැති බැවින් ඔහුට එරෙහිව ගිනි අවි ආඥා පනත යටතේ කටයුතු නොකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අධිකරණයට දැන්වීය.

 

ishan-4 ishan-12