කොළොන්නාව විපක්ෂ නායක මිය යයි
කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්‍රසිර ඩයස් (69) කොළඹ ජාතික රෝහලේදී මියගිය බව වෛද්‍යවරු කියති. නගර සභා අය වැය විවාදය ඇරඹීමට නැගී සිටියදී ඔහු අසනීප වී රෝහල් ගත කැරිණි. ඔහුට ගරු කිරීමක් වශයෙන් අය වැය විවාදය ද කල් දැමූ බව නගර සභාපති රවින්ද්‍ර උදය ශාන්ත මහතා පැවැසීය.

